Tuesday, November 7, 2017

රෙඩ්මෝෆ් වෙබ් ඇඩ් සහ ට්‍රැකිං වළක්වන වැඩසටහන

අපි කවුරුවත් වෙබ් සයිට් එකකට  පිවිසෙන විට අනවශ්‍ය වෙළඳ දැන්වීම් නිතර  නිතර මතුවීම මහ එපාම කරපු කරදරයක්. ඒ වගේම අපගේ අවසරයකින් තොරව පරිගණකයේ හෝ වෙබ් බ්‍රව්සරයේ හෝ ඉන්ස්ටෝල් වන වැඩසටහන් තිබෙනවා. මේ කරදර සියල්ලෙන්ම ඈත් වී අන්තර්ජාලය හා සම්බන්ධවී වැඩ  කිරීමට ඉඩ දෙන අළුත්, අමුතු බ්‍රවුසර් එක්ස්ටෙන්ෂන් වර්ගයේ වැඩසටහනක් තියනවා. එය රෙඩ්මෝෆ් (Rrd Morph) ය. මෙය redmorph.com යන වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එවිට එය ඉබේම ඉන්ස්ටෝල් වී අයිකන් එක වෙබ් බ්‍රවුසර් එකෙහි ඇඩ්‍රස් බාර් එකට දකුණුපසින් පෙන්වයි.

මූලික සැකසුම් කිරීම

රෙඩ්මෝෆ් වැඩසටහනට අදාළ මූලික සැකසුම් කිරීම සඳහා වෙබ්බ්‍රවුසර් එකෙහි දකුණු පසින් ඇති එහි අයිකන් එක ක්ලික් කල යුතුය. මෙවිට එම එක්ස්ටෙන්ෂන් එකට අදාළ මෙනු එක පෙන්නනවා.
මෙහි නිරායාසයෙන්ම සක්‍රියව නැති වෙබ් ෆිල්ටර් පහසුකම සක්‍රිය කරගැනීම පිණිස මෙනු එක මත ඇති Website & World Filter යන්න ඉදිරියේ ඇති බට්න් එක ක්ලික් කල යුතුය. මෙහි ඇති Protection එක භාවිතා අයිකන් එක භාවිතා ක රෙඩ්මෝෆ් වැඩසටහන විසින් සපයන ආරක්ෂාව කුමන තත්වයේ තිබිය යුතුදැයි සැකසිය හැකිය. 

   

තනිකම මකාගන්න චීනයෙන් රෝබෝවරියක්.

තනිකම මකාගන්න චීනයෙන් රොබෝ කෙල්ලෙක්....ලෝ සුපතල තාක්ශනික සමාගම් රැසක නියොජිතයෝ සවුදියේ රියාද් නුවරදී තාක්ශන සමුලුවකට සහභාගී වූ අතර චීනයේ හොකොංහි "හැන්සන් රොබොක්ටිස්" රොබෝ තාක්ශන සමාගමේ ප්‍රධානී ඩේවිඩ් හැන්සන්ද පැමින සිටියේය. හැන්සන් සිටියේ තනියම නොව සොෆියා නැමති යුවතියද ඔහු සමග සමුලුවට සහභාගී වූවා පමණක් නොව රැස්ව සිටි පිරිස ඇසූ ප්‍රශ්න වලට චතුර ලෙස පිලිතුරු දෙමින් ඇය ඔවුන් මවිතයට පත් කලාය. රටේ කාන්තාවන්ගේ මානව අයිතීන් උල්ලංඝනය කරනවා යැයි නිරන්තරයෙන් චෝදනාවට ලක්වන සවුදිය හොකොං සිට පැමිනි සොෆියා ගැන පැහැදී ඇයට සවුදි පුරවැසිභාවය ලබාදීමට කටයුතු කරන ලදී. සොෆියා සැබෑ තරුණියක් නොවෙයි.සොෆියා යනු මිනිස් හැඩරුව ඇති රොබෝ යුවතියකි. රොබෝවකුට රටක පුරවැසිභාවය හිමිවුනේ ඉතිහාසයේ පලමුවැනි වරටය. සොෆියාටත් වඩා හැඩකාර රොබෝ යුවතියන් දිනෙන් නිර්මානය වෙනවා.අනාගතයේ දිනක කෘතිම බුද්ධියකින් සමන්විත තනිවම තීරන ගත හැකි රොබෝ යුවතියන් අප අතරට පැමිනෙනවා. මෙම රොබෝ යුවතියන් අලංකාර කෙස් කලඹකින් සහ සුන්දර පැහැපත් මුහුනකින් යුතුවෙයි.මෙම රොබොවරියන්ට පුද්ගලයන් හදුනාගැනීම පහසුවෙන් කරන්න පුලුවන්.ප්‍රශ්නයකට තර්කානුකූලව පිලිතුරු දෙන්නත් පුලුවන්. මුහුනේ ඉරියව් වෙනස් කරමින් කිරිමටත් ඇයට පුලුවන්..... විහිලු කතා කියද්දි ඇය ඒවා කියන්නේ සිනාසෙමිනි..